Pages

"ගතවූ අතීතය අනිත්‍ය යි! එළඹෙන අනාගතය අනිත්‍ය යි! පවතින මේ මොහොත ගැන පමනක් සිත පහදාගෙන ධර්මානුකූලව ජීවත්වන්න."
බුදුන්වහන්සේ
“සාර්ථක පුද්ගලයෙකු” යන්න නිර්වචනය කිරීම එතරම් පහසු නොවූවත්, යම් ක්ෂේත්‍රයකින් ලෝකය වෙනස් කරන්නට දායක වූ, එකී අභිලාෂය සාර්ථක කර ගනිමින් දියුණුවේ ඉහළම හිණි පෙත්තකට ගියා වූ අයෙකු සාර්ථක පුද්ගලයෙකුයැ යි හැඳින්විය හැකිය. 

ඔබ ද සාර්ථකත්වයට පත්වන්නට උත්සාහ ගන්නෙකු විය හැකිය. නමුත් තවමත් ඔබට ඔබ සොයනා සාර්ථකත්වය ලබා ගැනීමට නොහැකී වී ඇතුවා වන්නට ද හැකිය. ඊට හේතුව, ඔබ තුළ පවතින නොනවතින ආශාව හා නිමා නොවන ධෛර්යය පමණක් සාර්ථකත්වයට ප‍්‍රමාණවත් නොවීම ද විය හැකිය. එසේ නම් සාර්ථක පුද්ගලයෙකු වීමට අවශ්‍ය වන්නේ මොනවා ද? 


🔸 ජීවිතයට ඉලක්කයක් තබා ගන්න.


සාර්ථකත්වය ළඟා කරගන්නට උත්සහ දරන්නෙකු තුළ නිසැකවම ඉලක්කයක් තිබිය යුතුය. ඔබ සාර්ථකත්වය බලාපොරොත්තු වන්නේ වෘත්තීමය හෝ ව්‍යාපාරික හෝ වෙනත් කේෂ්ත‍්‍රයකින් නම් ඔබ විසින් හමුවිය යුතු ඉලක්කයක් ඔබේ සිතෙහි සෑම විටම පැවතිය යුතු ය. ඔබ සාර්ථකත්වයට දරණා සෑම උත්සාහයක්ම එම ඉලක්කය වෙනුවෙන්ම යෙදවීම සිදු කළ යුතු ය. 


🔸 තමුන්ටම වටිනාකමක් දෙන්න


මුලින්ම තමුන් කියන්නෙ කවුද කියන එක වටහා ගන්න ඕනේ. තමුන්ගෙ හැකියාවන් දක්​ෂතාවයන් ස​හ තමුන් ගැන විශ්වාසයක් තමුන්ට තියෙන්න ඕනේ. අපි මේ කියන්නෙ හීනමානයක් තියාගන්න කියන එක නෙමෙයි, ස්වයං අභිමානයෙන් ජීවත් වෙන්න. තමුන්ටවත් තමුන් වටින්නෙ නෑ කියලා හිතෙන විදියට ජීවත් වෙනවනම් අනික් අය ගැන කවර කතාද?


ඒ වගේ ඔයා තුළ ඉන්න ඔයාව හොයාගන්න ට්‍රයි කරන්න. ගොඩක් දෙනා දන්නෙ නෑ තමුන්ට තියන හැකියා දක්​ෂතා මොනවද කියලවත්. ඒවා කල්තියා හඳුන​ගත්තු අය අද ලෝකේ ඉහ​ළම තැන් වල වැජඹෙනවා. ඒ නිසා අපි මුලින්ම අපිව හා අපේ තියන හැකියාවන් හඳුනගන්න ඕනේ. ඒ වගේමයි ආත්ම ශක්තිය. මේවා නැතුව පුද්ගලයෙක්ට සාර්ථකව නැගී සිටින්න අමාරුයි. ටාගට් එකකට යන්න හෝ ව්‍යාපාරයක් පටන් ගන්න හෝ තමුන් ගැන විශ්වාසයක් තිබීම ගොඩක් වටිනවා.


🔸 ජීවිතයට ඉලක්කයක් තබාගන්න


ඔබේ හැකියාවන් කෙරෙහි විශ්වාසය ගොඩනගාගන්න.

ඕනෑම පුද්ගලයකුට සහජයෙන් ලැබෙනා හැකියාවන් පවතී. නමුත් තම හැකියාවන් හඳුනාගන්නේ හෝ එයින් ප්‍රයෝජන ගන්නේ ඉතාමත් ස්වල්ප පිරිසකි. හැකියාව හඳුනාගත්ත ද ඔබට එම හැකියාව මඟින් සාර්ථකත්වයට ළඟා වීමට ඒ පිළිබද විශ්වාසය තැබීම අනිවාර්ය වේ. විශ්වාසය යන්න ඕනෑම ක්ෂේත‍්‍රයක ජයග්‍රාහකයන් නිර්මාණය කරන්නකි. විශ්වාසය ගොඩනගා ගැනීමම සාර්ථකත්වයට යන මාර්ගයේ දොරගුලූ විවර කරගත්තා වැනිය. විශ්වාසය යනු සාර්ථක පුද්ගලයින්ගේ ගුණයන්ගෙන් එකක් පමණක්ම නොව, ජීවිතයේ කරන සෑම දෙයකටම අදාල විය යුතු ආකල්පයකි. විශ්වාසය යන්න හැකියාව තරමටම වැදගත් වන්නේ හැකියාවේ භාවිතය විශ්වාසය මත රඳා පවතින්නක් වන බැවිනි.

🔸 සෑම විටම නව අත්දැකීම් හා අධ්‍යාපනය ලබා ගන්න


අත්දැකීම් හා ඉගෙනීම යනු මිනිසෙකුගේ සීමාවන් පුළුල් කරන ප‍්‍රධාන මෙවලම් දෙක වෙයි. සැන් ෆ‍්‍රැන්සිස්කෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයය මඟින් කරන ලද සමීක්ෂණයකට අනුව පෙන්වා ඇත්තේ භෞතික සම්පත්වලට වඩා අත්දැකීම් සඳහා තම මුදල් වැය කරන පුද්ගලයින් සතුටින් සිටින බව යි. උදාහරණයක් ලෙස, ඔබට ලොව පුරා සංචාරය කොට විවිධ අත්දැකීම් ලබා ගත හැකිය. මෙම අත්දැකීම් ඔබගේ ජීවතයේ සතුට නිර්මාණය කරනවා මෙන්ම ඔබේ සාර්ථකත්වය ද ළඟා කරන්නට දායක වනු ඇත. ජීවිත අත්දැකීම් හැකිතාක් ඒකරාශි කිරීම පෞද්ගලික සංවර්ධනය කෙරෙහි ධනාත්මකව බලපාන කරුණකි. 


එසේම ඉගෙනීම ද ජීවිතයේ නොනවත්වා පවතින්නක් විය යුතු ය. සාර්ථකත්වය කරා යන ගමනේ ඔබට නොසලකා හැරිය නොහැකිම දෙයක් වන්නේ ඉගෙනීම යි.


🔸 දෛනික ජීවිතය කළමණාකාරණය කරගන්න


ඔබ දෛනික ජීවිතයේ සිදු කළ යුතු කාර්යයන් මනාව කළමණාකරණය සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. දෛනිකව සිදු කළ යුතු සියලුම කාරණා, ක්‍රියාවන්, වගකීම් ඉටු කිරීම ආදිය නිසි ලෙස කලමාණාකරනය කරගත යුතු අතර, සෑම කාරණයකටම ලබා දිය යුතු කාල සීමාවන් හා දායකත්වය ඔබම තීරණය කළ යුතු ය. ඔබ කෙතරම් කාර්යයබහුල වුව ද ප‍්‍රමාණවත් නින්දක්, විවේකී සුවයෙන් ගත කරන්නට වේලාවක්, ඔබගේ ආදරණීයන් සමග සැහැල්ලුවෙන් ගත කරන්නට, කතාබහ කරන්නට අවස්ථාවක් ඔබගේ කාල සටහනේ වෙන් කරගන්න.


🔸 අවදානම් දැරීමට බිය නොවන්න!


ව්‍යවසායකයෙක් නැතිනම් බිස්නස්මන් කෙනෙක් උනාම දියුණුවෙන්න නම් වගකීම් දැරීම වගේම අවදානම් භාරගැනීමේ හැකියාවත් ඉහළින්ම තියෙන්න ඕනේ. මොකද අපි කරන ව්‍යාපාර හැමදාම එක විදියටම ලා​භ ලබලා දෙන්නෙ නෑනේ. ලාභ පාඩු කාටත් පොදුයි. යොදන ආයෝජනය සම්බන්​ධයෙන් වගකීම ආයෝජකයා බාරගත යුතුයි වගේම ඒ හා සම්බන්ධව පැන නැගිය හැකි සියලුම අවදානම් භාරගැනීමත් සිදුකරමින් ව්‍යාපාර කටයුතු කරගෙන යනවනම් දියුණුව වැඩි ඈතක නොවේ. ඒ කියන්නෙ පාඩු සිදු උනාම ඒවා දරාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ ව​ගේ අවස්ථා වල දූරදර්ශීව ක්‍රියා කළයුතු ආකාරය වගේ කාරණා ගොඩක් මේ කාරණාවෙදි හිතන්න පුළුවන්.


🔸 ඔබ කෙතරම් කාර්යයබහුල වුව ද තමන් සඳහා වේලාවක් වෙන් කරගන්න

අවදානමක් ගැනීමට බිය නොවන්න

ජීවිතයේ සාර්ථකත්වය කරා යන ගමන් මාර්ගයේ දී නොයෙකුත් කම්කටොලු ඇති වන විට ඒවාට නොබියව මුහුණ දීමට ශක්තිය ඔබ තුළ තිබිය යුතු ය. ඇතැම් විට ඔබගේ සාර්ථකත්වය ලබා ගන්නට නම් ඔබට අවදානම් සහගත තත්වයන්ට මුහුණ දීමට ද සිදුවනු ඇත. සාර්ථක මිනිසෙකු වන්නට නම් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තෝරාගන්නා මාර්ගයෙන් ඔබ්බට ගමන් කරන්නට ඔබට සිදුවෙයි. බොහෝ දෙනෙකු ජීවිතයේ සුව පහසු මාර්ගයන් පමණක් සොයන විට, තමන් සොයන්නේ තවකාලික සුව පහසු මාර්ගයක් නොව සුවපහසු වූ අන්තයක් බව ඔබ සිතෙහි තබාගත යුතු ය. ඒ නිසා ඔබ අනෙක් අයට තෝරා නොගන්නා අවදානම් නොබියව ගනිමින් ඒවාට අවශ්‍ය සාර්ථක විසඳුම් ගොඩනගන්නට උත්සහ කරන්න.


🔸 නිහතමානී වන්න 


සාර්ථකත්වය ලැබීම යනු එම මාර්ගයේ අන්තය නොවේ. ලබාගත් සාර්ථකත්වය රඳවා තබා ගැනීම ද අපහසු ය. ඔබ සෑම විටම පොළොවේ පය ගසා සිටින පුද්ගලයෙකු වීම ඔබගේ සාර්ථකත්වයට ළඟා වීමේ මඟ කෙටි කරන අතර, ලබාගත් සාර්ථකත්වය පවත්වා ගැනීමට ද වැදගත් වනු ඇත. 


ඔබ ඔබට අවංක විය යුතු ය. ඔබ අන් අයට ද අවංක විය යුතු ය. සියල්ලෝම හිතමිතුරන් කරගත යුතු ය. හතුරන් අඩු කරගත යුතු ය. එවිට ඔබගේ සාර්ථකත්වයේ ගමනට බාධාවන් අඩු වනු ඇත.


🔸 උපදේෂකවරයකු තෝරා ගන්න


ඔබට වඩා සුදුසුයයි සිතෙන සාර්ථකත්වය පිලිබද උපදේෂකවරයකු තෝරාගෙන , මාස කීපයකට වරක් ඔබේ ඉලක්ක , සැලසුම් හා ඔබ ලගා කරගෙන ඇති සාර්ථකත්වය පිලිබද උපදේෂකවරයා සමග සාකච්චා කරන්න. ඔබේ ගැටලු හා වඩා වේගවත් දියුනුව වෙනුවෙන් ගතහැකි ක්‍රම ශිල්ප පිලිබදව ඔබට අදාලව උපදෙස් ලබා ගන්න.



ඔබ සාර්ථකත්වය බලාපොරොත්තුවෙන් සිටින්නෙකු නම් මෙම කාරණාවන් ඔබේ ජීවිතයේ පවතී ද යන්න මෙහොතක් සිතන්න. ඔබට මෙකී පුරුදු නොපවතී නම් ඒවා ජීවිතයට එක් කරගැනීම පිළිබඳ සිතා බලන්න. ඔබේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න. එහිදි පෙර කී කාරණා ගැන ද සැලකිලිමත්වන්න. සෑම විටම ඔබගේ මානසික තත්ත්වය ධනාත්මකව තබා ගන්නට උත්සාහ කරන්න. ඔබේ සාර්ථකත්වයට අවශ්‍ය ශක්‍යතාව නිර්මාණය කර ගත යුත්තේ ඔබම බව සිහියේ තබා ගත යුතු අතර ඔබ ඔබටම අවේණික යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීම ද වැදගත් ය. එහිදී ඉහත සාර්ථක පුද්ගලයන්ගේ පුරුදු කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ඔබට සාර්ථක පුද්ගලයෙකු බවට පත්වීමට අවශ්‍ය ඉඟි කීපයක් ලබා ගත හැකිය.

BE a Success Your Life STORY

1 Knowledge Driven
"Since Knowledge is power, I always try to learn something new everyday."
2 Effective Communication
Communicate till to reach target results.

3 Be a Problem Solver
"I look at the big problem and see how it can be broken into smaller parts, for which solutions already exist."

4 Always Question
I always ask questions out of my desire to learn more. Asking the relevant questions and more knowledge to my life. Never stop questioning!

5 Get it right
"Right time, right people, right direction and right place are important factors to me, especially when starting a new project."

6 Set high Standards
"My recipe for success is to raise the bar continually whenever I reach my goals, setting the benchmark for the rest of the industry."

7 Prioritize
Prioritizing a work is another aspect of my daily routine. I identify the most important tasks and work on those. I focus on activities that drive greater results and disregard the rest.
8 Have Passion
"I love my work. Since I love what I do, I am more eager to learn and work become a source of enjoyment. improve your emotional intelligent with arts music and team works"
9 Practice a holistic lifestyle
We look after our employees Physical mental and spiritual well being through psychotherapy and counseling programs.follow your religion learns.
10 Help Others
I reach out to those who are in need and touch the lives of many through my charity work.




"ආරෝග්‍යා පරමා ලාභා" - නිරෝගිකම උතුන්ම සැපතයි! 
කොරොන වයිරස් දින ගණනක් ආසාදනය වී ඇති බවට ලකුණු නොපෙන්වයි. පුද්ගලයා ආසාදනය වී ඇත්දැයි දැන ගන්නේ කෙසේද?  ඔවුන්ට උණ සහ හෝ කැස්සක් ඇති වී රෝහලට යන විට පෙනහළු සාමාන්‍යයෙන් 50% ෆයිබ්‍රෝසිස් වන අතර එය ප‍්‍රමාද වැඩියි. ගැඹුරු හුස්මක් ගෙන තත්පර 10 කට වඩා ඔබේ හුස්ම තබා ගන්න. කැස්ස, අසහනය, හුස්ම හිරවීම හෝ තද ගතිය වැනි දේ නොමැතිව ඔබ එය අවසන් කළහොත් පෙනහළු වල ෆයිබ්‍රෝසිස් නොමැති බව පෙන්නුම් කරයි. නැවුම් වාතය සහිත පරිසරයක ඔබ සෑම උදෑසනකම ඔබම පරීක්ෂා කර බැලිය යුතුය. 
මිනිසුන් මතක තබා ගත යුතුයි. - හැකි සෑම විටම මුඛ ආවරණ පළඳින්න. (රෙදි ආවරණ හොඳයි, නිතර සේදීම). ජනාකීර්ණ සමූහයනයන්ගෙන් වළකින්න.  ප‍්‍රතිරෝධය වැඩි කිරීම සඳහා විටමින් සී අඩංගු පලතුරු නිතර ආහාරයට එක් කරගන්න. දුරකථන, ලැප්ටොප් වැනි පුද්ගලික අයිතම නිතිපතා පිරිසිදු කරන්න. වැඩි පිරිසක් දැන ගැනීමට හා කොරොනා වළක්වා ගැනීමට මිනිසුන් අතර දැනුම බෙදා ගත යුතුය.  මේ වෛරස් පැතිර යන්නේ කැස්සෙන් සහ කිවිසුම් යාම මගින්. ආසාදිත පුද්ගලයෙකුට කැස්සක් ඇති වූ විට හෝ කිවිසුම් ගිය විට ඒ අසල සිටින අයෙකු ඒ වෛරස් රෝගකාරක ශ්වසනය කරනවා. නැතිනම් කැස්සෙන් හෝ කිවිසුම් යාමෙන් පිට වූ වෛරස් රෝගකාරක අවට මතුපිට තැන්පත් වෙනවා. යම් අයෙක් ඒ මතුපිට ස්පර්ශ කර ඇස හෝ නාසය හෝ මුඛය ස්පර්ශ කළ විට වෛරසය ශරීර ගත විය හැකියි. අත මතුපිට ගැටීමෙන් වෛරසය ආසාදනය විය නොහැකියි. නමුත් ඇස හෝ නාසය හෝ මුඛය හරහා වෛරසයට ශරීරය තුළට යා හැකියි. වෛරස සිරුරේ ඇති අයෙක් කහින කිවිසින විට පිටතට නිකුත් වන කෙළ, සෙම් සොටු, බිඳිති ඔස්සේ එය පැතිර යයි. විවිධ ද්‍රව්‍ය මත දිනක් වුවත් නිරුපද්‍රතව සිටින්නට මේ වෛරස සමත්ය. එවන් තැනක් ස්පර්ෂ කළ අයෙක් සිය මුහුණ, කට, නාසය හෝ ඇස් අතපත ගෑමේදී මාරකය සිරුරට ඇතුළු විය හැකිය. මධ්‍යසාර සහිත දියර මගින් හෝ හොඳින් සබන් යොදා අත් සෝදා පිරිසිදු කරන්නට යැයි සෞඛ්‍ය අංශ නිරතුරුවම උපදෙස් දෙන්නේ එහෙයිනි. මෙම වෛරසයේ විශේෂත්වය වන්නේ විශේෂයෙන්ම අපගේ ශ්වසන පද්ධතියේ ඉහළ කොටසට පමණක් ආසාදනය නොවී අපගේ පෙනහලූ දක්වාම ගමන්කොට පෙනහළු වල ඇති ගර්ත තුළ නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හැකියාව තිබීමයි. 
ඔබ දන්නවාද? - යුරෝපා ධනවාදී රටවල කොරෝනා රෝගියකු සඳහා ප‍්‍රථිකාර කිරිමට රෝහල් රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න ගාස්තුවක් අයකරයි.  ලංකාවේ නිදහස් වෛද්‍ය ක‍්‍රමය රැකගන්න හොඳම දේ රෝගය පැතිරිම පාලනයට වගකීමෙන් යුතුව කටයුතු කිරිම.  එය ඔබේ වගකීමක්. 
ඇඳිරි නීතිය ඉවත් කලත් - 
අවුරුදු 60ට වැඩි, දීර්ඝ කාලීන අසනීප ඇති අය (ශ්වසන රෝග/දියවැඩියාව/වකුගඩු රෝග ) අය ගෙදරින් එළියට යන්න එපා. ගෙදර ඉන්න තරුණම කෙනා යන්න.   (අඩු 20-30) / හොඳින් ඇඟ ආවරණය වූ ඇඳුමක් ඇඳගෙන යන්න. (දිග කලිසමක්/ අත් දිග කමිසයක්/ කණ්නාඩි/ මුව ආවරන/තොප්පියක් ) / හැකි ඉක්මනින් බඩු මිළදී ගෙන එන්න.  /වැඩිහිටියන් දීර්ඝ කාලීනව භාවිතා කරන ඔසු වැඩිපුරමිලදී ගන්න.  / අන් පුද්ගලයන් හා කටයුතු කිරිමේදී මුහුනට මුහුන ස්පර්ශ නොවන්න වගබලාගන්න.  /  මුඛ ආවරණ රහිත පුද්ගලයන් සමඟ ගණුදෙනු නොකරන එක වඩාත් සුදුසුයි.  / ඔබට හැකිනම් එළවළු බීජ වර්ග මිලදීගන්න ආහාර සුරක්‍ෂිතතාව සඳහා / ගෙදරට ඇතුළු වෙන්න කලින් අනිවාර්යෙන්ම නාගන්න.  / බඩු ගෙන ආ බෑග්වත් පැළඳ සිටි ඇඳුම් පාවහන් සපත්තු ආදිය ගෙට ගන්න එපා.   ඒවා එක්වරම පිරිසිදු නොකර අව්වෙහි තබා හෝ පැය තුන හතරක් කාලය මිඩංගු කර සෝදා පිරිසිදු කරගන්න. අන් අයට ඒවා ස්පර්ශ නොකර සිටින්නත්  උපදෙස් දෙන්න.  

අර්ථික තත්ත්වයනම් උඩුයටිකුරුවෙලා හැමෝගෙම.  ඒක අපට විතරක් නෙවේ.  හැම රටකම තත්ත්වය  ඕක.  එය යථාතත්වයට පත්වෙන්නත් කාලයක් ගතවේවි.  ඒ නිසා නව ආර්ථික ක‍්‍රම සඳහා යොමුවන්න. මූලිකව කෘෂි නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න.  මේ දිනවල වෙහෙසෙන්න.  අනාගතයේ ආහාර ද්‍රව්‍ය ආනයනට නොහැකිවීමේ විභවතාවය වැඩියි. ඒ නිසා සැම බිම් අඟලක්ම වගා කිරීම, කෘෂි රසායන භාවිතය නැවත්වීම, කාබනික කෘෂිකර්මාන්තයට පමණක් යොමුවීම, සියලූම ආහාර වලින් ස්වයංපෝශිත වීම, කෘෂිකර්මාන්තය තුල දෙමුහුම් බීජ මෙන්ම සතුන් යොදා නොගැනීම සහ ඒවා ආනයනය නැවත්වීම කලයුතු වෙනවා, සෑම බෝගයක් සඳහාම දේශීය බීජ භාවිතයට ඉක්මනින්ම යොමු විය යුතුයි.  ගෙවත්තේ නිවසේ සෑම සුදුසු ස්ථානයක්ම ආහාරයට ගත හැකි බෝගයක් සිටුවා ගැනීමට උනන්දු වෙන්න.  අනවශ්‍ය වියදම් සීමා කරන්න. සාමූහික කාලය නව අර්ථික විකල්පයන් ඔස්සේ තිබෙන සම්පත් නිර්මාණශීලීව යොදාගෙන නිෂ්පාදන සඳහා යොමුවන්න. මේ දිනවල පවුලේ සමිපතයන් සිටින්නේ සිතෙහි අවිනිශ්චිතභාවයෙන් නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.  තරහමරහ අමතක කර එකිනෙකා හා එකමුතුව මෙම බැ?රුම් අවස්ථාවට මුහුණ දෙන්න.  මත්පැන් දුම්වැටි වලින් හැකිතාක් ඈත්වි සිහියෙන් කටයුතු කරන්න. ආහාර ජළය විදුලිය වැනි සම්පත්  අධිපරිභෝජනයෙන් මිදී අරපිරිමැස්මෙන්  භාවිත කරන්න. රෝගය පහව යනතෙක් තම ශක්තිය ඉතුරු කරගන්න. ප‍්‍රතිශක්තිය වැඩිවන ආහාර ගන්න. හැකි ආකාරයෙන් දුප්පත් අසල්වැසියන්ටත් ආහාර ද්‍රව්‍ය ලබාදීමට පරිත්‍යාගශීලීවන්න.  ලඟම හිතවතුන් නේවාසිකව නිරෝධායනය වේනම් දුරකථනයෙන් ඔවුන්ගේ අවශ්‍යතා විමසා සම්පාදනය කරන්න. 

#කොවිඩ්_පොසිටිව්ද?

PCR හො RAT එකකින් ඔබ කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් කියලා දැන ගත්තාම කලයුත්තේ කුමක්ද ?
පරීක්ෂණය කළේ රජයේ මැදිහත් වීම මගින් නම් MOH ඒ හරහා දැනුවත් වනවා. පුද්ගලික අංශය නම් ඔබ ඔහුව දැනුවත් කරන්න .
(මහජන සෞඛ්‍ය මහජන පරීක්ෂක මහතා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කරන්න)
නිවසේ නිරෝධායනය විය හැකි හෝ නොහැකි බව MOH වෛද්‍යවරයා තීරණය කරනු ඇත.
නිවසේ නිරෝධායනය වන ඔබට යම් අසනීප තත්ත්වයක් හෝ අපහසුතාවයක් ඇත්නම් ,සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 කියන අංකයට කතා කරන්න. 1990 සුවසැරිය ගිලන්‍ රථ සේවයේ උපකාරය ගන්නත් පුළුවන් .
නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන බව ඔබට කිව්වොත් ඒ සඳහා සූදානම් වන්න.
එතෙක් නිවසේ අන් අය සමඟ හැකිතාක් දුරස්ථ වන්න ⚡⚡⚡
නිවැසියන්ගේ PCR එකට දිනයක් ඉල්ලා ගන්න.
තවමත් සෞඛ්‍ය අංශ මගින් ඔබව හැකිතාක් දුරට රෝහලක වෛද්‍ය කණ්ඩායමක වගකීම යටතට ගන්නවා.
මෙතනදී ඔබ යොමු කරන රෝහල හෝ තාවකාලික රෝහල් පරිශ්‍රයේ ඇති අඩුපාඩු පමණක් මූලික කරගෙන ගැටුම් ඇති කරගන්නට එපා‼️ 
මොකද අප පවා රාජකාරි කරන්නේ ඉතා අවම පහසුකම් යටතේ.
#ගමන්_බෑගය හෙවත් "#කොරෝනා_මල්ල"
පහුගිය කොවිඩ් කාලයේ අපේ රෝහලේ හැම කෙනා ගාවම කොරෝනා මල්ලක් තිබුනා. සාමාන්‍යයෙන් නම් වෙනත් සංකූලතා ඇති නොවූවහොත්, PCR කල දිනයේ සිට දින 10 ක කාලයක් ඔබට නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදු වනවා ඇති .මොනවද ඔබ ගෙන යා යුත්තේ ?
⚡සැහැල්ලු ඇඳුම්
ඔබේ ඇඳුම් පුලුස්සා විනාශ නොකරන අතර ඔබ විසින් ඒවා පිරිසිදු කරගත යුතු වනවා. පහසුවෙන් සෝදා වේලා ගත හැකි සැහැල්ලු ඇඳුම් රැගෙන යන්න. 
⚡කොට්ටයක් සහ බෙඩ්ශීට් දෙකක්
නිරෝධායනය සඳහා ඔබ ගෙන යාමට පැමිණෙන තෙක් ආසන්න ආහාර වේල ගෙන තවත් ආහාර වේලක් සූදානම්ව තබා ගන්න.
අමතර ආහාර (බිස්කට් පැකට් කීපයක් වැනි) බෑගයට දාගන්න.
⚡ඔබ සායනයකට සහභාගි වනවා නම් ඒ සායන පොත්, පරීක්ෂණ වාර්තා සහ ඔබේ දිනපතා ගන්නා බෙහෙත් සති දෙකක කාලසීමාවට ඇතිවන පරිදි ගෙන යන්න.
⚡හැඳුනුම්පත සහ හදිසි අවස්තාවක සම්බන්ධ කරගත හැකි දෙදෙනෙකුගේවත් ලිපිනයන් සහ දුරකතන අංක.
⚡මාස්ක් ,ෆේස් ශීල්ඩ් ,සැනිටයිසර්
වාට්ටුව හෝ නිරෝධායන මධ්‍යස්ථානය තුල ඔබේ පුද්ගලික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.
⚡දුරකතනය සහ චාර්ජර් එක.
⚡සෙරෙප්පු කුට්ටමක්.
⚡පිඟාන, කෝප්පය සහ හැන්දක්
⚡දත් බුරුසුව සහ සබන්
⚡කියැවීමට පොත්, පත්තර කීපයක්.
⚡කාන්තාවක් හෝ මවක් නම්,
ඩයපර්, සනීපාරක්ෂක තුවා සහ ඔබේ පුද්ගලික අවශ්‍යතා ගැන කල්පනාකාරී වෙන්න. ඔබ දරුවෙක් සමඟ මධ්‍යස්ථානයට යනවා නම්,
දරුවා සමඟ සති දෙකකට ආසන්න කාලයක් රැඳීම සඳහා දරුවාගේ අවශ්‍යතා මෙන්ම දරුවා කාර්‍යබහුලව තබා ගැනිමට යම් උපක්‍රම රැගෙන යන්න.
උදාහරණයක් විදියට පැස්ටල් පෙට්ටියක්, ක්ලේ, පාට පැන්සල්, පොත් සහ දරුවාගේ ප්‍රීයතම සෙල්ලම් බඩු කීපයක්.
⚡ඔබේ වයස්ගත දෙමාපියෙක් සමඟ ඔහුගේ උපකාරයට යනවා නම්, ඔවුන් සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කරගෙන යන්න. රෝගී තත්ත්වයක් ඇත්නම් ඒ ගැන අවබෝධයක් ඇතිව යන්න. වෛද්‍යවරයා ඔබෙන් ප්‍රශන කරන නිසා.
⚡මුදල්
ඔබේ මුදල් උපයෝගි කරගෙන කාර්‍යමණ්ඩලය හරහා කිසිවක් මිලදි ගත නොහැකිවන නිසා ඔන්ලයින් ක්‍රම භාවිතා කරන්න උත්සාහ කරන්න. එසේත් නැතිනම් ඔබේ හිතමිතුරන්ට ඒ බව දැනුම් දී ඔබේ අඩුපාඩු පියවා ගන්න.
වටිනා උපකරණ, මුදල්, ආභරණ රෝහල් පරිශ්‍රයට ගෙන එන්න එපා‼️ 
⚡⚡⚡(අවශ්‍ය නම් පමණක්)
උණුවතුර බෝතලයක්, හීටරයක් සහ තේ සෑදීමට අවශ්‍ය දේ.
ටෝච් එකක් / ඉටිපන්දමක් ගිනි පෙට්ටියක්.
මීට අමතරව ඔබ දැන ගත යුතු දේ...
1) #රෝහලේදී
ප්‍රතිකාර ක්‍රම මධ්‍යස්ථානය අනුව වෙනස් විය හැකි අතර ඔබේ සෞඛ්‍ය තත්ත්වය අනුව ප්‍රාථමික, ද්වීතික සහ තෘතික මධ්‍යස්ථානයකට යොමු කරනු ඇත. සාමාන්‍යයෙන් නම් දිනපතා දෙවරක් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වාට්ටුවට පැමිණෙන හෙදි සොයුරියක් මගින් හෝ පුහුණු කල පුද්ගලයකු මගින් කෙරෙන අතර ඒ සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්න. රුධිර පීඩනය ඇතුලු අත්‍යාවශ්‍ය දත්ත කීපයක් ඔබෙන් එසේ ලබා ගන්නවා ඇත.
2) #කොන්කර_නැත
මෙය භයානක රෝගයක්. ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය ඉතා අවම බව ඔබ දන්නා කරුණක්. එනිසා වාට්ටුවේ නිකරුනේ නොගැවසෙන බවත් අත්‍යාවශ්‍ය අවස්ථාවක ඔබ පරීක්ෂා කිරීමට සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසී ඔබ අසලට ඒමට කිසිදු රෝහල් සේවකයකු අදිමදි නොකරන බවත් තරයේ සිහි තබා ගන්න.
එසේ සැරසි ඒමේ වැදගත්කම ඔබ අවබෝධ කරගත යුතුයි.
3) #දරුවන්_සහ_මව්වරුන්
අම්මා පොසිටිව් වී දරුවන් නෙගටිව් වූ අවස්ථාවන් හිදී පවා
(මව දැඩි සත්කාර ඒකකයේ / අසාධ්‍ය නොවේ නම්) මව සහ දරුවන් එකට රඳවනවා.
4) #ආහාර 
වැඩිහිටියන් සඳහා අධිප්‍රෝටීන් ආහාර වේල් තුනක් සහ අමතර ආහාරපාන ලෙස කොත්තමල්ලි ,සුප් ලබා දෙනවා.
මෙම ආහාර, රජයේ සහතිකය යටතේ ලබා ගත් ආහාර සපයන්නන් විසින් සකසා දෙනවා. 
5) #බෙරිබත ( අවුරුදු 3 ට අඩු ආහාර)
මෙතනදි මම අවුරුදු තුන සීමාව සඳහන් කලේ රෝහල් සැලසුම් අනුව වැඩිහිටි ආහාර යටතට දරුවන් ගැනෙන්නේ අවුරුදු තුනෙන් පසුව නිසා. ඔබේ කුඩා දරුවා ආහාරයට ගන්නේ බෙරි බත නම් කිසිදු ගැටලුවකින් තොරව එය සකසා දෙනවා. නමුත් ක්‍රියාකාරී වනතෙක් මුල් දිනය සඳහා ඔබ යම් සැලසුමක් සකසා තබා ගන්න.
පසුව දරුවා වෙනුවෙන් චොකලට් සහ කිරිපැකට් හෝ දරුවා ප්‍රිය කරන දේ පවා ලබා දෙන්නට විශේෂ ඩයට් එක හරහා හැකියි. 
6) #ඩයපර්_සහ_ඉවතලන_දෑ.
ඔබට බාහිර රෝග ලක්ෂණ කිසිවක් නැති උනත් ඔබගේ ශරීරයේ වෛරස ක්‍රියාත්මක නිසා ඔබ කන ආහාර, ඔබ කට සෝදා දමන වතුර සියල්ල ආසාදිත ලෙස එසේත් නැත්නම් රෝග කාරක ලෙස ක්‍රියා කරන්න පුළුවන් . එනිසා නාන කාමරය පමණක් සෙම්සොටු කෙල දැමීමට පාවිච්චි කරනවා වගේම ඉවත ලන සියල්ල කුනු කූඩයට දමා පියන වසා තබන්න.
සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය විසින් සවස් කාලයේ එය පුච්චා දමනු ඇති.
7) #ඉවසීම
හැකිතාක් ඉවසීමෙන් කටයුතු කරන්න.
මේ ඔබත් මමත් අපි සැවොම අධි පීඩනයකින් ගත කරනා කාලයක්.
එනිසා ඉවසිමෙන් ඔබේ ආරක්ශාව සපයා ගන්නා ගමන් අන් අයගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න.
 8)#ටිකට් කැපූ පසු
හැකිනම් ඔබ පොදු ප්‍රවාහන මාධ්‍යක් භාවිතා නොකර පුද්ගලික ක්‍රමයක් යොදා ගන්න.මේ සමාජ යහපත පිණිසයි. ඔබේ කාලසීමාව ගත වු පසු ඔබට ඩයග්නෝසිස් කාඩ් පතක් ලැබෙන අතර අවශ්‍ය නම් පමණක් නිවසේදී ගැනීමට බෙහෙත් ලබා දෙනු ඇත. ඔබේ නිදන්ගත රෝග සඳහා වන බෙහෙත් වල යම් වෙනස් කම් සිදු කලා නම් ඒ ගැන වෛද්‍යවරයා ගෙන් විමසන්න. දින දහයෙන් ටිකට් කැපුවා නම්, ඔබ තවත් දින හතරක් නිවසේ නිරෝධායනය විය යුතුයි. ඒ දින හතරෙන් පසු ඔබේ සායන වෛද්‍යවරයා අවශ්‍යතාව මත හමුවෙන්න .
පෝස්ට් එක නිවැරැදි කිරීමට උපකාර කල
Dr. Upeka Mettananda බොහොම පින්..
Samadhi
Dr. Sanjeevani Pathirane



කොවිඩි සහ ඔබ
පවත්නා අධි කොවිඩි අවධානම සමග,තම පවුල්වල සාමාජිකයන් කොවිඩි ආසාධිත බව දැන ගත් විට දුරකතන ඇමතුම් ලබා දෙමින් මීලගට කල යුතු පියවර විමසන නිසා පහත තොරතුරු ලබා දීම සුදුසු යැයි හිතුනා ..
1.PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් positive වූ විට, වහාම ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා හෝ කොඨිඨාශයේ මහජන ⁣සෞබ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන්න.
2.ගොඩාක් අය කතා කරල අහනවා ගෙදර ඉන්න පුලුවන් ද කියලා, කොවිඩි positive වුනහම....⁣නිරෝධායන පනතෙ බලයලත් නිලධාරීයා වන සෞබ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නියෝග වලට අනුව,එහෙම ඉන්න හැකියාවක් නැහැ.එහෙම නීතියක් දාලා තියෙන්නෙ තමන්ගෙන් අනික් අයට රෝගය බෝ වෙන එක වලක්වන්න.අනික අපේ මිනිස්සු සමහරු බොන්න යනවා..සමහරු ඇවිදිනවා...ඒ වගේම රෝගයේ සංකූලතා හදුනා ගන්නත් පහසුයි නිරෝධායනය මධ්‍යස්ථානක හිටියම.
3.දැන් ප්‍රශ්නෙ නතර වෙන්නෙ කොහෙද කියන 
එක..ඒ සදහා පෞද්ගලික ආයතනත් තියෙනව,රජයේ ආයතනත් තියෙනව..
4.පෞද්ගලික ආයතන වලට යොමු කරන කොට බොහෝ වෙලාවට අදාල අසාධිත පුද්ගලයා සේවය කර කර හිටපු ආයතනය අනුග්‍රාහකත්වය දක්වනව.ඒ හන්දා කොයි එකටත් ආයතන කලමණාකාරීත්වයෙන් විමසීමක් කලා නමි හොදයි..සමහර ආයතන වලට තමන්ගෙම නිරෝධායනය මධ්‍යස්ථාන තියෙනව.ඒ වගේම සමහර insurance වලිනුත් සල්ලි ගෙවනව.
5.නැත්නම් අතේ මුදල් හදල් අවුලක් නැත්තමි අතේ සල්ලි වලින් යන්නත් පුලුවන්...⁣හෝටල් තමා නි⁣රෝධායන මධ්‍යස්ථාන ඛවට පත් කරල තියෙන්නෙ..මෙි කොයි පුද්ගලික මධ්‍යස්ථානයක් වුනත් රජයේ හෝ අනුමත පෞද්ගලික රෝහලක් එක්ක තමා පවත්වා ගෙන යන්නෙ..
6.රජයේ නිරෝධායනය මධ්‍යස්ථානත් 
තියෙනව.පුංචි දුප්පත් රටක් වුනත් රජය නිදහස් සෞඛ්‍යය පුලුවන් උපරිම පහසුකම් යටතේ හැමෝටම දීල තියෙනවා..ඔබ ආසාධිත බව දැන ගත්තට පස්සේ මොකක් ද ඉස්සරහට කරන්න ඉන්නෙ කියන එක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට දැනුමි දෙන්න..
7.රජයෙන් නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොමු කරද්දී මුලින් සෞබ්‍ය වෛද්‍ය කාර්යාලය තම දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කරනව.දිස්ත්‍රික් කාර්යාලය අමාත්‍යාංශය දැනුවත් කරනව..එහෙම තමා bed quota එකක් ලැබෙන්නෙ..අදුනන අය,සංකූලතා ඇති රෝගීන්ට වෙන් කරල තියෙන රෝහල් බලාපොරොත්තුවෙන් කිසිම හිරිකිතයකින් තොරවම කතා කරනව.එයාලා බලා⁣පොරොත්තු වෙන outcome ඒක නැති වුනහම අමනාප වෙනවා..
8.මෙික මුලු රටක් මුහුණ දීලා තියෙන ව්‍යසන තත්වයක්..දැනටමත් රෝහල්,අතරමැදි රෝහල් හා නිරෝධායනය මධ්‍යස්ථාන තම උපරිම ධාරිතාවට එමින් තියෙනව..ඒ නිසා ඇතැමි රෝගීනට ඇදන් හොයන එක,ඩෝං ගාලා කරන්න බෑ..රජය තව දුරටත් අලුතෙන් කොවිඩි මධ්‍යස්ථාන පිහිටුවීමට ස්ථාන හා රෝහල් හදුනා ගනිම්න් ඉන්නවා.
9.,සෞඛ්‍ය සේවකයො තම රාජකාරිය බලන්නෙ නැතුව දායකත්වය දෙනවා..2021/4/28 දින හවස 4:40ට මම කාර්යාලයේ ඉන්න කොට දුරකතන ඇමතුමක් එනවා,ඒ වෙනකොටත් PCR කරමින් හිටි දන්ත චිකිත්සක මිස් කෙනෙක් කලන්තෙ දාලා කියල..මම වහාම යනවා මිස්ව බලන්න..ඒ ඉතුරු PCR ටික කරන්න PPE එකත් අරගෙන..
ඒ වෙන.කොටත් වෙන මිස් කෙනෙක් (Monika Thushari)PCR කරනවා..
මම:මිස් කාල ද ඉන්නෙ???
මිස් :ඔවි සර්
මම:කොයි වෙලාවෙද මිස් කෑවෙ??
මිස්:අද උදේට සර්...
මගේ ඇග හිරි වැටිලා ගියා...ඇස් කඩා ගෙන දොට්ට පනින කදුලු දරා ගෙන මිස්ට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීලා මිස්ව ⁣ගෙදර ඇරියා...
අද දවසෙත් PCR 330 ක් සැලසුම් කරලා තිබිබා..පෙරදින PCR වලින් හෙමිබත් වෙලා හිටපු මිස් ව මම අද දවසේ නො කැද වන්න තීරණය කලා...ඇය මට ඇමතුමක් ගත්තා,"සර් මම අද උදෙන්ම එනවා PCR වලට..."
සමාජයක් පවත්නා තත්වය දෙස සබුද්ධිකව තේරුම් ගැනීම සතුටුයි..එහෙම තේරුම් ගැනීමේ පරිමාණයක් නැති පුද්ගලයන් ,තමන්ම face book දාර්ශනිකයන් වෙලා "ටෝක්ස්" දෙනවා.බොහෝ මනෝ වෛද්‍යවරුන් පවසන පරිදි හීන පෞරුෂ,කැපී පෙනීමේ ආසාව,වගේ කරැනු මෙි වගේ හැසිරීමකට හේතු වෙනවලු...
නියම වීරයො අදටත් නිහඬව තම වගකීමි හා යුතුකම් කරන රස්සාවෙි සීමාවෙන් එලියට ගිහින් කරනව...
වෛද්‍ය චානක මල්ලිකාරච්චි 
සෞබ්‍ය වෛද්‍ය නිලධාරී 
හොරණ

නව COVID ප්‍රභේද හා අධි අවදානම් අවස්ථා...

වෛරස වසංගත වල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වෙන්නේ කාලයත් සමග එහි ස්වරුපයේ සිදුවන වෙනස්වීම්. වෛරස වල එක ප්‍රෝටීනයක වෙනස්වීමකින් පවා එහි හැසිරීමෙහි සැලකිය යුතු වෙනසක් සිදුවෙන්න පුළුවන්. මෙවැනි වෙනස්වීම් නිසා වෛරසය බෝ වීමේ වේගය වැඩිවිය හැකියි. ඒ වගේම වෛරස ආසාදනයෙන් ඇතිවන රෝගයේ බරපතලකම වැඩි වෙන්නත් පුළුවන්.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන COVID19 වෛරස අතරෙහි ද B.1.1.7 ඇතුළු විවිධ නව ප්‍රභේද හඳුනාගෙන තියෙනවා. වෙනදාට වඩා රෝගය වේගයෙන් පැතිර යාමට වගේම වඩා බරපතළ රෝග ලක්ෂණ ඇති වීමට හේතුව මෙය වෙන්න පුළුවන්.
කාලයක් ලොව පුරා සිදුකරන ලද අධ්‍යයන වලට අනුව යම් ස්ථානයක කොවිඩ් වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. නව කොවිඩ් ප්‍රභේද වලටද මේ සාධක පොදුයි. ප්‍රභේදය කුමක් වුවත් ඔබට ආරක්ෂා වීමට කල යුත්තේ එම අවදානම් සාධක සහිත ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒවා මගහැරිමයි.
මේ කොවිඩ් අවදානම වැඩි කරන සාධක මොනවාද ?
1. අධික සෙනගක් රැදෙන ස්ථානයක් වීම - යම් ස්ථානයක ගැවසෙන සෙනග වැඩි වීමත් සමගම COVID ආසාදිත පුද්ගලයෙකු හිඳීමේ සම්භාවිතාව වැඩිවෙනවා, කොවිඩ් පැතිරීමේ අවදානම අධික ලෙස වැඩිවෙනවා.
2. සෙනග එකිනෙකා සමීපයෙන් ගැවසෙන ස්ථාන වීම - විශේෂයෙන්ම එකිනෙකා ආසන්නයේ සිටිමින් කතා බහෙහි යෙදෙන හා අහාර පාන ලබා ගන්නා අවස්ථා.
3. හොඳින් වාතාශ්‍රය නොලැබෙන සංවෘත අවකාශයක් වීම - සංවෘත අවකාශ තුළදි කොවිඩ් වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය එළිමහන් අවකාශවලට සාපේක්ෂව පැහැදිලිවම වැඩි බවක් දක්නට ලැබෙනවා. නිතර කතාබහට ලක් නොවුනත් මෙය කොවිඩ් ව්‍යාප්තියට බලපාන තවත් ඉතාමත්ම ප්‍රබල සාධකයක්. ඔබ සිටින ස්ථානයක ඉහත සාධක තුනෙන් එකක් හෝ පවතී නම් එහි COVID පැතිරයාමේ ප්‍රවනතාවය අන් ස්ථානවලට සාපේක්ෂව වැඩියි. යම් ස්ථානයක මෙම සාධක එකකට වඩා පවතීනම්, එවන් ස්ථානවල COVID ව්‍යාප්තිය ඊටත් වඩා සීඝ්‍රයෙන් සිදුවිය හැකියි.
එනිසා මෙවැනි ස්ථාන හැකිතාක් දුරට මඟහැරිය යුතුයි. යම් අත්‍යවශ්‍ය හේතුවකට එවැනි ස්ථානයකට යාමට සිදුවුවහොත්, එතැන ගත කරනා කාලය හැකිතාක් දුරට අවම කරගැනීම මගින් අවදානම යම්තාක් දුරකට අඩු කරගන්න පුලුවන්. විශේෂයෙන්, මේ වගේ අධි අවදානම් කාලයක, මේ සාධක වලින් එකක් හෝ ඇති ස්ථාන හැකිතාක් මග හැරිය යුතු වෙනවා.
ඒ වගේම, දෑත් නිතර පිරිසිදුව තබා ගැනීම හා නියමිත ආකාරයෙන් මුව ආවරණ පැලදීම මඟින් COVID සම්ප්‍රේෂණ අවදානම බොහෝ දුරකට අඩුකර ගත හැකියි.
කොවිඩ් රෝගය රට පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින මේ අවස්ථාවේ ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන්ගේ ආරක්ෂාව උදෙසා ඉහත අවදානම් සාධක සහිත ස්ථාන හැකි සෑම විටම මග හැරීමට වග බලා ගන්න. ඒ වගේම, ඔබගේ හිතවතුන්ගේ ආරක්ෂාව උදෙසා අවදානම් සාධක පිළිබඳව දැනුම හැකිතාක් බෙදා හරින්න...
#COVID19 #COVID19LK #COVID19SL #SriLanka



හෙට සිට නැවතත් එලියට යාමට සුදානම් වෙනවාද? 

එසේනම් මෙම පණිවුඩය ඔබටයි.
*********************************************
ඔබේත් නිවැසියන්ගේත් සෞඛ්යාරක්ෂාව වෙනුවෙන් නිවසින් පිටතට යාමේදී ඔබට පිළිපැදිය හැකි දේවල් කිහිපයක්...
1. ඔබට කිවිසුම් යෑම, කැස්ස, උණ, උගුර රිදීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත්ම එලියට යන්න එපා. ලබා දී ඇති දුරකථන අංක භාවිත කොට වහාම වෛද්ය උපදෙස් ලබාගන්න.
2. ඔබ නිවසින් පිටතට යනවිට හැකි සෑම අවස්ථාවකදීම පහසුවෙන් සෝදා දැමිය හැකි ඇඳුමක් ඇඳීම නැවත පැමිණි පසු රෙදි සේදීමට පහසුවක් වනවා ඇති.
3. වෙනදාට භාවිතා කරන නමුත් අත්යවශ්ය නොවන අත් ඔරලෝසු, මුදු, බ්රේස්ලට්, කරාබු වැනි දේ පළඳින්න එපා. අවම භාණ්ඩ ප්රමාණයක් එලියට රැගෙන යන්න.
4. ඔබ මුහුණු ආවරණයක් පළඳින්නේ නම්, නිවසින් එලියට බැසීමට ආසන්නතම මොහොතේ දී එහි පටි වලින් අල්ලා පළඳින්න. මුහුණු ආවරණය පැළඳීමෙන් පසු ගැලවීමට හැර වෙන කිසිම වෙලාවක එය නැවත අල්ලන්න එපා. ඔබ අනෙක් ඇය සමඟ කතා කිරීමේදී මුහුණු ආවරණය පහතට දමන්න එපා. මුහුණු ආවරණය තෙත සහිත ස්වභාවයකින් යුතු නම් හෝ පැය හතරකට පසු එය ඉවත් කල යුතුය. ගැලවීමේදී නැවතත් එහි පිටුපස පටි වලින් අල්ලා ගලවන්න. ඉදිරිපස කොටසින් අල්ලන්න එපා. මුහුණු ආවරණය ඉවත් කල විගස පටි වලින්ම අල්ලාගෙන ගොස් කසල බඳුනට දමන්න. ඉන්පසු සබන් යොදා හොඳින් ඔබේ දෑත පිරිසිදු කරගන්න.
5. හැකිතාක් දුරට පොදු ප්රවාහන සේවාවන් භාවිතයෙන් වලකින්න. පයින් ගමන් කල හැකි දුරක් නම් පයින් ගමන් කරන්න. පොදු ප්රවාහන ක්රම භාවිතා කරන්නේ නම්, වෙනත් පුද්ගලයෙකුට අවම වශයෙන් මීටරයක පරතරයකින් යුතුව සිටින්න. බස් එකට හෝ දුම්රියට නගින විට සහ වාඩි වී සිටින අවස්ථාවකදී අත් වැට, පුටු ඇන්ද, අධාරක වැනි දේ හැකිතාක් දුරට ඇල්ලීමෙන් වලකින්න. එසේ ඇල්ලීමට සිදු වේ යයි ඔබට සිතේ නම්, ටිෂූ කඩදාසියක් භාවිත කරන්න. භාවිතයෙන් පසු එම ටිෂූ කඩදාසි හැකි ඉක්මනින් කාසල් බඳුනකට දමන්න.
6. ඔබේ කාර්යාලයට හෝ සේවාව ලබා ගන්න ස්ථානයට යාමට විදුලි සෝපානයක් භාවිත කිරීමට අවශ්ය වේ නම්, හැකිතාක් එය මඟහැර තරප්පු පෙළ/ පඩිපෙළ භාවිත කරන්න. පඩිපෙළ නැගීමේදී අත් වැල අල්ලන්න එපා.
7. විදුලි සෝපානයක් භාවිතා කිරීම අත්යවශ්ය වේනම්, සෙනග සමඟ තදබදයේ තෙරපි එයට නගින්න එපා. සෙනග අඩු වනතුරු සිට නගින්න. මේ සඳහා සෝපානයට පෝලිමක් සැදී සිටීම වැදගත් වේවි. සෝපානයට ගොඩ වූ පසු ඔබට යාමට අවශ්ය තට්ටුවේ නොම්මරය එබිමේදී නැවතත් ටිෂූ කඩදාසියක් හෝ ටූත් පික් එකක් පාවිච්චි කරන්න. ඉන්පසු හැකි විගස එය කසල බඳුනකට දමන්න. සෝපානය තුලදී එකිනෙකාගේ මුහුණ බල සිටින සේ නොහිද බිත්තිය පැත්තට මුහුණ ලා සිටගන්න. මැද යන අය නම් දොර දෙසට මුහුණ දා සිටගන්න. එවිට වෙනත්විෙනෙකුට කිවිසුමක් ගියද ඔබට විය හැකි හානිය අවමය. විශාල සෝපානයක වුව එකවර දහ දෙනෙකුට වඩා ගමන් නොකරන්න.
8. ඔබේ සේවා ස්ථානයට යාමට පෙර එළියෙන් අත් සේදීමට අවශ්ය දේවල් සපයා ඇත්නම්, සබන් යොදා හොඳින් ඔබේ අත් සෝදා ගන්න. නෑතිනම් ඇතුලට ගිය විගස රාජකාරි ස්ථානයේ වෙනත් දේවල් ඇල්ලීමට පෙර නාන කාමරයට/ වැසිකිලියට ගොස් හොඳින් සබන් යොදා අත් සෝදාගන්න.
9. ඔබේ සේවා ස්ථානයේ විවෘත කල හැකි ජනෙල් තිබේ නම්, කාර්යාලය තුලට හොඳින් හිරු එළිය සහ වාතාශ්රය ලැබෙන පරිදි දිව කාලය තුලදී ජනෙල් විවෘත කර තබන්න. එකම වාතය කාමරයක් තුල සංසරණය වීමේදී විෂබීජ පැතිරීමේ හැකියාව වැඩිය.
10. ඔබේ රාජකාරි වෙලාව තුල අනෙක් පුද්ගලයන්/ ගනුදෙනු කරුවන් සමඟ වැඩ කිරීමට සිදුවන්නේ නම් නිරන්තරයෙන් අවම වශයෙන් මිටරයක වත් පරතරයක් තබාගැනීමට කටයුතු කරන්න. මේ සඳහා අවශ්ය නම් සේවා ස්ථානයේ බිම සලකුණු කිරීම හෝ වෙනත් විදිහකින් සලකුණක් තැබීම සිදුකරන්න.
11. ඔබ සේවා සපයන කවුන්ටරයක සේවය කරන්නේ නම්, එක් සේවා දායකයෙකුගෙන් පසු තවත් සේවා දායකයෙකුට සේවා සැපයීමේදී ඔබේ දෑත් විෂබීජ නාශක දියරයකින් පිරිසිදු කරගන්න. ඔබේ සේවා දායකයන්ටත් කාර්යාලය තුලට පැමිණීමට පෙර අත් සෝදාගැනීමට පහසුකම් සලසන්නේ නම් ඉතා හොඳය. ඔබ නිවසින් බැහැර වන්නේ යම් සේවාවක් ලබාගැනීමට නම්, ඔබ අදාල කාර්යාලයට ප්රවේශ වීමට පෙර, පහසුකම් සපයා ඇති සියලු අවස්ථා වලදී කාර්යාලයට ඇතුල් වීමට පෙර හොඳින් සබන් යොදා දත් පිරිසිදු කරගන්න.
12. යම් සේවාවක් ලබාගැනීමට ඔබ සේවා ස්ථානයක ඇතුලට ගිය පසු, අනෙකුත් අයගෙන් අවම මීටරයක පරතරයක් තබාගැනීමට වග බලා ගන්න.
13. තේ /දිවා ආහාරය ගැනීමේදී අනෙකුත් අය සමඟ පිඟන්, කෝප්ප, වතුර බෝතල් පොදුවේ භාවිතයට ගැනීමෙන් වලකින්න. ජලය පානය කිරීම සඳහා ඔබටම වෙන්වූ කෝප්පයක්/ වතුර බෝතලයක් තබා ගන්න.
14. වෙනත් පුද්ගලයන් සමඟ නිතරව කටයුතු කිරීමට ඔබට සිදු වේ නම්, පැයකට වරක්වත් සබන් යොදා හොඳින් අත් සේදීමට වගබලා ගන්න.
15. අනෙකුත් අයත් භාවිතා කරන පොදු දේවල් ඇල්ලීමේදී (උදා: දොරේ හැන්ඩලය, විදුලි බුබුළු ස්විචය හෝ වැසිකිලියේ වතුර ගසන අයිතමය ආදී දේ) ටිෂූ කඩදාසියක් හෝ ඉවත දැමිය හැකි රෙදි කැබැල්ලක් භාවිත කරන්න. භාවිතයෙන් පසු වහාම එය කසල බඳුනකට විසි කරන්න.
16. ඔබට කිවිසුම් යනවිට ටිෂූ කඩදාසියක් හෝ ඔබේ වැලමිටේ ඇතුල් පැත්ත භාවිතා කරන්න. ටිෂූ කඩදාසියක් භාවිතා කලේ නම් එය වහාම කසල බඳුනකට දමන්න.
17. යම් භාණ්ඩයක් හෝ පෘෂ්ටයක් ඇල්ලීමෙන් පසු සබන් යොදා අත් සෝදන්න. නිතර අත් සේදීමට නොහැකි නම් විෂබීජ නාශක දියරයක් යොදා අත් පිරිසිදු කරගන්න.
18. බසයට, දුම්රියට, කඩයකට හෝ වෙනත් ඕනෑම පොදු සේවාවක් ලබාගැනීමේදී පෝලිමකට සිටගැනීමට පුරුදු වන්න. පොලිමේ සිටින විට අවම පරතරය තබාගැනීම ඉතා පහසුය. එමෙන්ම පැමිණෙන පිළිවෙලට සේවය ලබාගැනීමටත් හැකි වේ.
19. හැකිතාක් ඔබේ සුරතල් සතුන් නිවසින් පිටට ගෙන යාමෙන් වලකින්න. එසේ යන්නේ නම්, ඔවුන්ව හැකි තාක් වෙනත් පෘෂ්ටයන් වල නොගැවී තබාගන්න උත්සාහ කරන්න.
20. ඔබ නිවසින් ඉවතට ගොස් නැවත පැමිණෙන විට ගේට්ටුව හෝ නිවසේ දොර විවෘත කල යුතු නම්, ඔබ විසින් එය සිදු නොකොට හැකි සෑම අවස්ථාවකදීම ඒ සඳහා එය නිවස තුල රැඳී සිටිය කෙනෙකුගේ සහය ලබාගන්න. එසේ කිරීමට හැකියාවක් නොමැතිනම්, ටිෂූ කඩදාසියක් භාවිතයෙන් ගේට්ටුව හා දොර විවෘත කරගෙන, වහාම ටිෂූ කඩදාසිය කසල බඳුනකට දමන්න.
21. ඔබේ සපත්තු, සෙරෙප්පු ඇතුළු පාවහන් නිවසින් පිටතදී ගලවා තබන්න.
22. ඔබ පිටතට ගෙනගිය වාහනයේ යතුරු, මුදල් පසුම්බිය, තොප්පිය ආදී දෑ නිවසට තුල ඇතුල් වන ස්ථානයේ පෙට්ටියක් තබා එයට දමන්න පුරුදු වෙන්න.
23. ඔබ පිරිසිදු වීමට පෙර නිවසේ වෙනත් කිසිදු ස්ථානයක් හෝ වෙනත් කෙනෙකු ඇල්ලීමෙන් වලකින්න.
24. නිවසට පිවිසීමට පෙර එළියෙන් නා ගැනීමට පහසුකම් තිබේ නම්, පළමුව හොඳින් නා ගන්න. එසේ නා ගැනීමට නොහැකි නම් නිවාස තුල වෙනත් කිසිම දෙයක් කිරීමට පෙර නාන කාමරයට ගොස් නා ගන්න. එහිදී නිවසේ නාන කාමර එකකට වඩා තිබේනම්, එලියට යන අය සඳහා වෙනම නාන කාමරයක් සහ නිවාස තුල රැඳී සිටින අය සඳහා වෙනම නාන කාමරයක් භාවිතා කරන්න. එසේ නොමැතිනම්, ඔබ භාවිත කිරීමෙන් පසු නාන කාමරය විෂබීජ නාශක යොදා හොඳින් පිරිසිදු කරන්න. විශේෂයෙන්ම නාන කරාම, දොරේ හැන්ඩලය වැනි ස්ථාන පිරිසිදු කරන්න. නෑමෙන් පසු නිවසේ කෙනෙකු ලවා තුවාය ගෙන්වාගන්න.
25. ඔබ එලියට ඇඳි රෙදි සියල්ල රෙදි සෝදන කුඩු වල පොඟවා තබා සෝදා හරින්න. නැතහොත් සබන් භාවිතා කොට හොඳින් සෝදා දමන්න. නිවසින් පිටතට යන අයගේ රෙදි එකතු වන්නට හරින්න එපා. අතේ හෝ රෙදි සෝදන යන්ත්රයක් භාවිතයෙන් එදිනෙදා සෝදා ගන්න.
26. ඔබේ කන්නාඩි කුට්ටම සහ ජංගම දුරකථනය විෂබීජ නාශක දියර යොදා හොඳින් පිරිසිදු කරගන්න.
27. ඔබ පිටතින් නිවස තුලට ගෙන ආ ද්රව්ය වල ඇති පොලිතින් සහ ප්ලාස්ටික් ආවරණ සහිත දේවල් ගබඩා කිරීමට පෙර විෂබීජ නාශක දියර යොදා පිරිසිදු කරගන්න. එළවලු නම් හොඳින් සෝදා ගන්න. රෙදි නම් පාවිච්චියට පෙර සෝදා ගන්න.
28. එම භාණ්ඩ පිරිසිදු කල පසුත් හොඳින් සබන් යොදා නැවතත් අත් පිරිසිදු කරගන්න.
ටිකක් අමාරුයි තමයි. ඒත් ඔබෙත් ඔබ ආදරය කරන අයගෙත් ආරක්ෂාව තියෙන්නේ ඔයා අතේමයි!
* හැමදාම මතුරපු මන්තරේ තවමත් වලංගුයි.!
* නිතරම හොඳින් සබන් යොදා අත් සෝදන්න..!
* මුහුණ, නහය, කට, ඇස් අල්ලන්න එපා.!
* සෙනග සහිත ස්ථාන මග හරින්න. අන් අය සමඟ පරතරයක් තියා ගන්න..!
* සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්ය උපදෙස් පතන්න.

We can do this. We will do this ❤️🇱🇰

මෙම කරුණු කිහිපය ඔබේ ජීවිතයත් අන් අයගෙ ජීවිතත් රැක ගැනීමට උපකාරී වේවි. 
වායු සමීකරණ යන්ත‍්‍ර වලින් පුලූවන් තරම් ඉවත් වී සිටින්න. හිරු එලිය තමයි හොඳම බෙහෙත. නිතරම උණුසුම් ජලය පාවිච්චි කරන්න. ජංගම දුරකථන රිලෝඞ් යන්ත‍්‍ර වගෙ උපකරණත් සම්පේ‍්‍රෂක මාධ්‍යක් වෙන්න පුලූවන්. අපි කොතරම් නම් ස්ක‍්‍රීන් එක අල්ලනවද . එනිසා එහෙම භාවිත කරන ඔබ පුලූවන් තරම් නිතරම අත යම් විෂබීජ නාශකයක් මගින් පිරිසිදු කරගන්න.  හදිසි අනතුරු වියහැකි දේ කුඩාදරුවන්ගෙන් ඈත් කරන්න. නිරෝගිකම පිරිහෙන දෙයින් රෝහල් ගත වීමට සිදුවුවහොත් පවුලේ හැමෝම අනතුරේ කියලා දැනුවත්වන්න. ගෙදර එකම තුවාය පොදුවේ භාවිත නොකරන්න. වැසිකිලි කැසිකිලි පිරිසිදුව තබාගන්න. පිටත ඉඳන් ආවාම කහ වතුරෙන් මුණ කට, අතපය සෝදන් ගෙවල් වලට එන්න. විෂබීජ නිවසට ඒම වලකිනවා. දොර ජනෙල් ඇරලා ගෙදර වාතාශ‍්‍රය කරන්න. නිවස, ගෙවත්ත පිරිසිඳුව තබාගන්න. නිතර නා පිරිසිදුව ඉන්න. වැසිකිලි කැසිකිලි භාවිතයෙන් පසු හොඳින් පිරිසිඳු වෙන්න.  දැඩි ආතතියකින් පෙලෙන අයගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය නිරන්තරයෙන් දුර්වල තත්වයක තමයි තියෙන්නෙ. ඉතින් එහෙම අයට මේක බලපානව වැඩි. පරිස්සම් වෙන්න. සිත සමතයකට පත්කල හැකි දෙයක නිරතුරුවම නිරත වෙන්න.  ව්‍යායාම වල නිරත වෙන අය මෙන්ම කායිකව සක‍්‍රීය කාර්්‍යයන් වල නිරත වෙන අයට මේකෙන් වෙන හානිය අඩුවෙන්න පුලූවන්. ඒ නිසා දිවාකාලයේ ගෙවත්තේ ආහාර බෝග වගාවක් සඳහා කාලය වෙන්කරන්න.  එය හොඳ ව්‍යායාමයක් වේවි.  නිතරම ශරීරයට ගොඩාක් හිර ඇදුම් පාවිච්චි නොකර පුලූවන් තරම් සැහැල්ලූ ඇදුම් භාවිත කරන්න. එයිනුත් යම් වයිරස වලින් වෙන හානිය අවම කරන්න ප‍්‍රයෝජනවත් වෙනවා. කොට්ට මෙට්ට හිරු රශ්මියෙන් වෙලාගන්න. කොහොඹ ශාකය සතු ලක්ෂනයක් නම් අවට පරිසරයේ වාතය පිරිසිදු කිරීමට හැකිවීමත් පරිසරයෙන් පැමිණෙන විෂබීජ සමනය කිරීමට හැකිවිමත්ය. උණුවතුරට දෙහි කොල දාලා ස්ටීම් කරන්න. කොත්තමල්ලි තම්බලා එන වාෂ්පයත් හොදයි ස්ටීම් කරන්න. පුංචි එවුන්ගේ අතේ වදකහ කෑල්ලක් පෙරුම්කායම් කෑල්ලක් බදින්න. ලොකු අයටත් වරදක් නැහැ. කෑම වලට යාන්තම් රස නොදැනෙන මට්ටමට පෙරුම්කායං කුඩු අංශු මාත‍්‍රයක් එකතු කරන්න. හල්දුම්මල, අගිල් වගෙ දේවල් හවසට දුම් අල්ලන්න. එය මැසි මදුරු විකර්ෂකයක් නිසා එවැනි සතුන්ගෙන් වියහැකි පීඩා වැලැක්වීමට උපකාරයක් වේවි. 

අපේ සිංහල විදියට රෝග වලින් මිදෙමු.  -
උනුසුම් ජලයට විනාකිරි හා ලුණු ස්වල්පයක් එක්කර ගග්ල්  කිරීමෙන් උගුරේ තිබෙන කොරෝනා වයිරස් විෂබීජ ශ්වසන පද්ධතිය වෙත ගමන් කිරීමට ප‍්‍රථම විනාශ වෙන්න ඉඩකඩ තියෙනවා. සාමාන්‍යයෙන් ශ්වසන පද්ධතිය වෙත ගමන් කිරීමට පෙර කොරොනා වෛරසය දින 3-4 වගෙ කාලයක් උගුරෙ රැදී තියෙන්න පුලූවන්. ඉඳලා හිටලා දුම්කොළ, හුණු නැති  කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉගුරුපියලි, බුලත් එකතුවූ විටක් හපන්න. දෙහි අමුමිරිස් කොච්චි ලුණුමිරිස හෝ ලුණුදෙහි ආහාර සමඟ පාවිච්චි කරන්න. කේඨ ග‍්‍රන්ථි උත්තේජනය කරලා ඉහල ස්වසන මාර්ගය පිරිසිඳු කරනවා. පිටිකිරි වෙනුවට ඉඟුරු කොත්තමල්ලි, රණවරා, බෙලිමල් වැනි ඇඟ නිවෙන දෙයක් බොන්න. ශරීරය සිසිල් කරනවා. පුලූවන් තරම් වතුරම බොන්න. නමුත් මද උනුසුම් ජලයම පාවිච්චි කරන්න. ආහාර පිසීමේදී ගොරකා, කුරුඳු පොතු , උළුහාල්, සුදුරු සුදුළුණු වගෙ කුළුබඩු යහමින් භාවිතා කරන්න. හැකිතාක් නිවසේ පිසූ ආහාර පාන උනුසුම්ව භාවිතා කරන්න.  උදේ ආහාරයට දිය බතක් හදන්න එයින් ආමාශය භාශ්මික වෙලා ගැස්ට‍්‍රයිටිස් වගේ ලෙඩ අඩුවෙනවා. එතකොට වෙනත් රෝග වලට සටන් කරන්න සිරුරේ ප‍්‍රතිශක්තිය ඉතුරු කරගන්න පුළුවන්.  හැකි නම් මස් මාළු නැති එළවලූ බත් ආහාරයක් ගන්න.  පිරිසිඳු පොල් කිරි, පොල් වතුර, පොල්තෙල් කෑම පිළියෙළ කරන්නට භාවිතා කරන්න.  මස් මාංශ සිරුර ආම්ලික කරනවා. දෙයියන්ගේ ලෙඩ කාලෙට ඉක්මනින් හොඳ කරගන්න යොදන උපක‍්‍රමයක් එලවලු පමණක් ආහාරයට ගැනීම. මලබද්ධය අඩු කරන එළවලූ පලතුරු කෑමට එකතු කරගන්න. ආහාර ගන්නකොට පළා වර්ග එකතු කරගන්න. කොහිල, කෙසෙල් මුව, මුරුංගා කොළ, කතුරු මුරුන්ගා කොළ ආදිය සියලූ රෝග නසන විෂ නාශකයක්. කරපිංචා ප‍්‍රති වයිරස ගුණ සහිතයි, හැකිතාක් ආහාරයට එකතු කරගන්න. කැද හදලත් බොන්න පුලූවන්.  වෙරළු, ජම්බු, පිනි ජම්බු, ලොවි වගේ විටමින් සි අධික පලතුරු මේ කාලයට ගොඩාක් හොඳයි. 

බෝවෙන ලෙඩ රෝග වලට කියාපු අත් බෙහෙතක් කායම් හොද්ද(තැම්බුම් හොද්ද)
අවශ්‍ය ද්‍රව්‍ය - ගම්මිරිස් ඇට 10 -15ක්   සුදුළුණු බික් 5ක් පමණ   බැදි කොත්තමල්ලි තේ හැඳි 1  බැදි සූදුරු තේ හැඳි 1  බැදගත් උළුහාල් ස්වල්පයක් පිට සුඹුල හැර සෝදාගත් මුරුංගා පොතු කැබැල්ලක්   පිට පොත්ත හල අමු ඉඟුරු අල්ලක ප‍්‍රමාණයේ කැබැල්ලක්  සෝදාගත් ගොරකා කැබලි 2ක්   කරපිංචා ඉති 2ක්   අමුකහ කැබැල්ලක්  අවශ්‍ය පමණ දිය ලූණු   පෙරුම්කායම් ස්වල්පයක්   වතුර කෝප්ප 4ක්
සාදන ක‍්‍රමය - සෝදා පිරිසුදු කරගත් මැටි වළඳකට වතුර කෝප්ප 4 ක් දමා ගන්න. එයට ගම්මිරිස් ඇට 10-15 යි.  සුදුළූණු කොත්තමල්ලි සූදුරු උළුහාල් මුරුංගා පොත්ත අමු ඉඟුරු ගොරකා කරපිංචා අමුකහ දමා අවශ්‍ය පමණට ලූණු එක්කර ගෙන පෙරුම්කායම් ස්වල්පයක් ද දමා වතුර කෝප්ප දෙක එකට සිඳගන්න. අනතුරුව පානය කරන්න. සතියට දවසක් විතර තැම්බුම් හොද්දක් බොන්න. සුදුලූනු, ගම්මිරිස්, කුරුදු, සුදුරු, කොත්තමල්ලි, උළුහාල්, රතුළුණු කියන විශ්ව කර්ම ඖෂධ වල එකතුවක්. 
වෛරසය පැතිරීයාම වැලැක්වීමට ගතහැකි ක‍්‍රියාමාර්ග 
බිදිති ඇස් වල තැවරුනු විටද වෛරස් එක ආසාදනය වෙන්න පුලූවන්.ඒ නිසා මේ දවස් වලදී සෙනඟ ගැවසෙන තැන් වලින් ඈත්විය යුතුයි.ශ්වසන අපහසුතා ඇති නන්නාඳුනන මිනිසුන් ඉන්න තැන් වලින් වහාම ඉවත් විය යුතුයි. ඉතාම වැදගත් වන්නේ සබන් යොදා හොදින් දෑත් සේදීමයි.  ඕනෑම භාණ්ඩයක් පරිහරනයෙන් පසු දෑත් සේදිය යුතුයි. සතුන් ඇල්ලීමෙන් පසු දෑත් හොදින් සෝදන්න. මේ දවස් වල එලියට යන විට අනිවාර්යයෙන් මාස්ක් එකක් පලදින්න. ඒ වගේම කිසිවිටකත් ඇස් දෑතින් පිරිමදින්න යන්න එපා. ගෙදර පැමිනි වහාම හොදින් සබන් දා අත් සෝදන්න. මුදල් නෝට්ටු පරිහරණය ගැන ගොඩක් සැලකිලිමත් විය යුතුයි. ඒවා ඇල්ලීමෙන් පසු මුහුන අතගෑමෙන් සම්පූර්ණයෙන්ම වලකින්න. වෛරස් රෝගයේ රෝග ලක්‍ෂණ  වන 1) උණ 2) කැස්ස 3) උගුර රිදීම 4) හිසරදය  5) කෙටි හුස්ම ගැනීම (හුස්ම ගැනීමට අපහසු වීම) වැනි ලක්‍ෂණ ඇත්නම් මේ වෛරසය බවට සැක සිතෙන ආකාරයේ අතීත ක‍්‍රියාකාරකම්වල නිරතව සිරියේ නම් එක්වරම රෝහල් වෙත නොපැමිණ අවශ්‍ය උපදෙස් ගැනීමට මේ අංකය ලඟතබා ගන්න. එය වටිනා කැප කිරිමක් කරන සෞඛ්‍ය අංශ රැක ගැනීමට රුකුලක්. සත්‍ය කරුණු සඟවන්නත් එපා.  ඔවුන් ඔබට අවශ්‍ය ස්ථාන වෙත යොමු වීමට අවැසි තොරතුරු/දුරකථන අංක ලබා දෙනු ඇත. -  වසංගත රෝග නිවාරණ අංශය 1999 , 1390
ඔබට අවශ්‍ය විය හැකි දුරකථන අංක - සුවසැරිය 1990
රෝග ලක්‍ෂණ ඇත්නම් හෝ රෝගය බෝවීමට ප‍්‍රවණතාව සහිත කටයුත්තක නිරත වී ඇත්නම් සඟවාගෙන නොසිට අවශ්‍ය වෛද්‍ය උපදෙස් පතන්න. රෝග ලක්‍ෂණ පෙන්වීමට ගතවන කාලය මාසයක් දක්වා දීර්ඝ විය හැකි අතර ඒ කාලය තුලදීම ඔබ හා ගණුදෙනු කරන්නන් අතර වෛරසය ප‍්‍රචාරක වාහකයෙක් ලෙස කටයුතු කරන්නෙක් වෙනවා. එය මුළු ජාතියම අනතුරේ හෙලීමක්. ඉහත කරුණු පිලිපැදීමෙන් වෛරසය තව දුරටත් මව්බිම තුළ පැතිරීයාම වලක්වා ගත හැකිවනු ඇත. 
ඔබට යම්කිසි රෝග ලක්ෂණයක් මේ වෛරසය බවට සැක සිතෙන ආකාරයට තිබේ නම් එක්වරම රෝහල් වෙත නොපැමිණ අවශ්‍ය උපදෙස් ගැනීමට මේ අංකය ලග තබා ගන්න.ඔවුන් ඔබට අවශ්‍ය ස්ථාන වෙත යොමු වීමට අවැසි තොරතුරු/දුරකථන අංක ලබා දෙනු ඇත.
COVID - 19 - Hotline 
රෝගය සම්බන්ධ සෞඛ්‍ය ගැටළු සඳහා අපව අමතන්න - 1999
சுகாதார பிரச்சினைகள் தொடர்பாக எம்முடன் தொடர்பு கொள்ளுங்கள் - 1999, 1390
Contact us for your health related concerns - 1999


36.6°C Normal 37.4°C Low fever  38.4°C High fever